Joey - Yuki Navaratne

Joey

උඹව දාලා මම දුර ආවා

එන්න වෙන්නෑ සති ගානක් වැඩ ගොඩ ගැහිලා

කන්න බොන්න බේබි හරියට

යන්නේ එන්නෙ පාර පැත්තේ බලාගෙන තනියෙන්


හිතපු වාර ගාන

මැරුණු වාර ගාන

වැදුනු පාර මාර

හිටපු කාරනාව

උඹව දාල ආව

කරුමේ හරි පුදුමයි


මම වැටුනෙ එකම තැනින්

අඩන්න හිතුනා කෑගහලා

මම මැරුණේ එතැන කෙලින්

දුවන්න හිතුනා ඔහේ හැරිලා

මම වැටුනෙ එකම තැනින්

අඩන්න හිතුනා කෑගහලා

මම මැරුණේ එතැන කෙලින්

දුවන්න හිතුනා ඔහේ හැරිලා


උඹව ආදරේට හැදුවේ

මාළිගාවක් දෙන්න හැකියාවක් නැති අතරේ

කන දෙන්න මට මිතුරෙක්

හිනාවෙලා උඩ පැනගත් ගමන් වතුරේ

කෝ Joey බෝයි

පැන්න ගමන් හැපුවේ

අල්ල ගත්තොත් අත ඉතින්

අතාරින්නෑ ලේසියෙන්

කොල්ල swag බෝයි

සෙල්ලමට තනියෙන්

ඕනෙ ගේමක්

පෙන්නන්න නම් බෑ එක කිටියෙක්


උඹව දෙන්නෙ නෑ මම කාටවත්ම

මාව දකින්නැතුව සාංකාව නේද තාම

ඈත් යන්න ගියේ අපි දෙන්න තනියෙන් දාලා

කමක් නෑ කොල්ලො ඉමු අපි දෙන්නා මාල දාලා

වරදින්නෑ පරදින්නෑ බලාගෙන යමු

මේක වේදනාවක් අපි දෙන්න ඉවසමු

නරුම ලෝකේ කරුමෙ මාව ඈත් කලා

රෑ වෙලා එනකල් survive වෙයන් මම වෙනුවෙන්


මම වැටුනෙ එකම තැනින්

අඩන්න හිතුනා කෑගහලා

මම මැරුණේ එතැන කෙලින්

දුවන්න හිතුනා ඔහේ හැරිලා

මම වැටුනෙ එකම තැනින්

අඩන්න හිතුනා කෑගහලා

මම මැරුණේ එතැන කෙලින්

දුවන්න හිතුනා ඔහේ හැරිලා


හිතපු වාර ගාන

මැරුණු වාර ගාන

වැදුනු පාර මාර

හිටපු කාරනාව

උඹව දාල ආව

කරුමේ හරි පුදුමයි


හිතපු වාර ගාන

මැරුණු වාර ගාන

වැදුනු පාර මාර

හිටපු කාරනාව

උඹව දාල ආව

කරුමේ හරි පුදුමයි

Previous Next

نموذج الاتصال