කරදිය ගැඹරේ | Karadiya Gambure - Edward Jayakody

කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ

නුඹගේ දෑතට දිරිය වඩන්නයි

සුහුඹුල් අත්පා යදඬු කරන්නයි

කිරිකැටි පුතුනේ… කිරිකැටි පුතුනේ


අව්වට වැගිරෙන දාදිය වැස්සේ

කළුගල් තලලා මහමං තැනුවේ

නිවහල් ලොවකට නුඹට වඩින්නයි

කිරිකැටි පුතුනේ… කිරිකැටි පුතුනේ


දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ

දැතිරෝදෙට ගත ජීවය දුන්නේ

නව මිනිසෙකු නව ලොවට පුදන්නයි

කිරිකැටි පුතුනේ… කිරිකැටි පුතුනේ


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ

නුඹගේ දෑතට දිරිය වඩන්නයි

සුහුඹුල් අත්පා යදඬු කරන්නයි

කිරිකැටි පුතුනේ… කිරිකැටි පුතුනේ

Previous Next

نموذج الاتصال