පලංචියේ ලී ඉරුවේ | Palanchiye Lee Iruwe - Edward Jayakody, Sunil Edirisinghe

පලංචියේ… ලී ඉරුවේ… අපි එකට

මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට

එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…

ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට


විරසක වී රුපුන් ලෙස යුද වදින්නද…

කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද…

පෙම්දම් නිසා… මිතුදම් සිඳ දමන්නද…

හොදහිත නු‍ඹෙ තරම් ලොවකින්… ලබන්නද..


පලංචියේ… ලී ඉරුවේ… අපි එකට

මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට

එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…

ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට


දොඩමලු කතා නැහැ… අද වාඩිය හෙවනේ…

නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි… ඇසුනේ..

හොර රහසින්ම… එක සුවඳක්… පැතු පමිනේ…

නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ…


පලංචියේ… ලී ඉරුවේ… අපි එකට

මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට

එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…

ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට

Previous Next

نموذج الاتصال