කතන්දරේ - Kathandare | Ravi Royster

වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරෙ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනිවෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ //

සනස පවස සිත නිවනු කුමට මට
රතට රතැගිල්ල කුමට රනින් කල 
වරදෙ යනු කිමද අතැර දමන සද
තනිව ඇරඹුමක මෙයයි මුල් සවිය

හීන සරසන්න බැදීම් අවැසි නැති
තැනින් නැගිට පිට වෙයන් හනික -සබ
මතින් එනුය එලි පෙහෙලි මං පෙතට
දනන් වෙතට රවි වෙනස සැරදෙන්න

වීදුරු ලෝකෙක

සත්සර ඇති තරම් කාල මට අද
මත්කර වත්කර උබෙ හිත තුලට
අතහැර යන ලාමක කුලගන නුඹ
කුල කෝ අගනක්මද නුඹ පතිකුල

හොද නොහොද හොයන් උබ යන කල දැක
සොයනු එලෙස රිසි සැපම සයනෙ මත
නැතැයි ආල කම මසිතට නොදැනෙන
කුමට උඹේ රුව පතිකුල ගෙට මට

වීදුරු ලෝකෙක

යන යන තැන මග සිහිවී නුඹ හට
අමතක වන මතකයන් සිතෙ ගුලි කොට
අලු වී ගිණි වී ගිණි බත් වී අද
එකලට නුඹ වෑරූ කදුලැල් කොයිබද

මට නුඹ ගෙන දුන්  වර අභි චෝදනා
සව් දිය පිරුමට හේතු වුනි මට කාරණා
ලෞකික සැප නැති  මගෙ හීන සරණ
කල මාන මගේ මං නිදොස් නුඹෙ නමින

වීදුරු ලෝකෙක
Previous Next

نموذج الاتصال