Kochchra Dewal - Roshan Fernando

කොච්චර දේවල් කාලය කෙරුවද

කවදාවත් නොහැරී…

අම්මා ළඟ මං පුංචි පුතාමද

හැමදාමත් සිතමි…

සීතල බත් පත රත් කර කර හිටි

ආදරයක රස්නේ…

සීතල කඳුලට සරදම් කර කර

ඇහැරෙනවා අම්මේ…

ඇයි අත්වැල ලෙහුවේ…


බලාපොරොත්තුව විතරක් වෙද්දී

සන්තකයම ගෙදර…

නොකී කතා හිස් සුසුමට පවරා

කලා හිතක් යකඩ…

දිනූ ලොවක් ගෙදරට ගෙන එද්දී

වැඩි වෙනසක් නැතිව…

බලා හිඳින්නී නිසොල්මනේ ඇස්

පුරවාගෙන සතුට…


රෑ කීයක් නම් අපි හරි හරියට

නිදි වැරැවද නොගැන…

දහවල් මෙච්චර කෙටිදැයි දැනුණේ

ඔබගේ වැඩ අතර…

දවස නිවන්නට පවන් සලන්නී

අමුණාගෙන වචන…

ඈත ඉඳන් අපි දිහා බලාගෙන

ඇති තාමත් නිතර…

Previous Next

نموذج الاتصال