Thawa Eka Sarayak - Roshan Fernando

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්

නොසඟවා පවසන්නම්

ඔබට ආදරෙයි මං

නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්

කුමක් කරන්නද මං

ඔබට ආදරෙයි නම්


විලේ නෙළුම් මල් කොපමන තිබුනත්

එක මලකට පෙම්කරමි සිතින්

නෙළන්න ආසයි දෝතින් ඒ මල

මගේම වන්නට හැමදාමත්


පාළුව තනිකම මට වද දෙන විට

කෙලෙසද මා එය ඉවසන්නේ

ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්

ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ

Previous Next

نموذج الاتصال