ඇළ පාර සැරයි මට පාවඩ එලන
මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ළඟ
මට තාම සුවයි
ඉඳ තාම රැපයි හෙට කාගැන කිය
වෙයිද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගෙ රැප්
අද ඇහුනම පාද තියයි උඹේ
අපි ඔය සැතපෙන වාර හුඟයි
දුවගෙන යන්න ගත්තු අඩි පාර දුරයි
හුඟ දුරක් ඇවිදල මට පාර හුරුයි
දැන් පහු කරෙ අය මාව මාව තමයි
රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳහිට දෙනෙක් දෙනෙක් කනෙක් තාල පලයි
රටෙ ගනන් ගියත් එකපාර සීනි අලයි
හරි දැනගෙන කෙටු මොලේ මාර මුලයි
එක එකා කියවපු දිලිසෙන අර පාට කෝ
අර පාට කෝ……
පිත පිත කියලා දැන් බිම දාපු අර මූනූ කෝ
අර මූනූ කෝ……
අතපත ගාල කලුවරෙ ගත්ත ණය බරදෝ
ණය බරදෝ…..
මගෙ පොඩි එකා මගෙ ණය බර ගනන් කරයිදෝ
ගනන් කරයිදෝ….
අතින් අත ගියා රට කටින් කට ගියා මගෙ රැප
පිරිවරක් ඔහෙ ඉපදුනු මට
සුරංගනා කතා නෙමේ ලියවුනෙ අලුයමෙ පද
හොරු කිය එකෙක් ඉඳන් නැති කොට
ඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මත
දරාගන්න ගියා පිහි ඇනුමට අපි ඔය හිටියට
හිටියෙ නෑ අපි කිව්ව රැප
කඩාගෙන ගියා බඳ උඩටම
කාටද ලියන්නෙ පඩත්තල වක්කඩ
කඩ කියවන උන්ට රැපෙන් මං
දෙන්නම් ඔබ ඔබ එන්න
බඹා රැසින් හඹා මගෙ රැප
කෙටුවා හිතේ උඹෙ පන කෙටුව වගෙ
මහ බඹා බල්ටි ගැහුවෙ නෑ රඹා
අහුදල කපාගන්න බැරි තනි රැප
බෙර පද එන්නෙ අඩි තියන් පද නටා
උඹේ සතා එන්නෙ වලා සඳ පලා
අහන් ඉන්නෙ මගෙ කතා
අඩෝ ගිනි කකා
ඇළ පාර සැරයි මට පාවඩ එලන
මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ළඟ
මට තාම සුවයි
ඉඳ තාම රැපයි හෙට කාගැන කිය
වෙයිද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගෙ රැප්
අද ඇහුනම පාද තෙමෙයි උඹේ
කවුරුත් ඉල්ලුවට මට රැප දෙන්න කිත්ති
හුඟ දෙනෙක් ගලුත් තියලා දැම්ම බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දි රුද්දි
කට ඇරන් බලන් ඉන්නෙ උඹ නෙවෙ පත්ති
විටි කිරිද හිටි පිලිම ගෙනත් පිටරටින්
කොට පිරිමි උස නිලමේ වුනා උගෙ කටින්
නර කරඹ යයි ඇඬු කිරලා උද වටින්
ලොකු කරක වහල දැන් ඉන්නෙ ඌ කද මතින්
පිට කසන හුඟ දෙනෙක්ට වුනා මගෙ රැප
වසම දසම ගම පුරා මම බස්තම අරන්
නුඹ දන ගස්සන වස්සින් බිත්ති රස්සින් වැස්සූ
අස්සමි ලද මතින් නිදා කසින්දා
තලා ගනින් උඹේ හිතේ කැක්කුම් කැකුම්
හර වැදුම් හැදුම් ලද ගත්තොත් දෙනව වෙද්දෝ
පොඩි එකා මිරිකලා ඇද්දොත් කවදා මුන්ම ගෙරවී
යැද්දොත් මම යැද්දොත් මගෙ
රැප මන්දිර උඹේ මන කද මම
එල රැප බන්
ඇළ පාර සැරයි මට පාවඩ එලන
මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ළඟ
මට තාම සුවයි
ඉඳ තාම රැපයි හෙට කාගැන කිය
වෙයිද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගෙ රැප්
අද ඇහුනම පාද තෙමෙයි උඹේ
