මිරිවැඩි නැතුවට | Miriwadi Nathuwata - Chamara Ranawaka

මිරිවැඩි නැතුවට

මඩ ගෑවුනු පය

මට හැඩ හින්දයි

මං පැතුවේ

ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි

එක පංතියේ හිදිමින් හැඩුවේ


මිරිගුව දැක්කද හිතන්න බෑ මට

සතුටින් අද නුඹ සරසවියේ

එදා වගේ මං ඉනි වැට අද්දර

තාම බලනවා නෑ දුටුවේ


අපිට හොරා ඇස් එකට බලා

සතුටින් හිටියත් ඒ කාලේ

කමත ගොඩේ නිල් මානෙල් වල වැඩ

බලන් හිටියා අපි හැම වාරේ


තිත්ත පැටව් දං කහට කොටන්නට

රෑනේ එන හැටි තරු වාගේ

අද මම තනියම දොල ඉවුරේ

හැඩ දැන් නැ මුළු ගම්මානේ


මිරිවැඩි නැතුවට

මඩ ගෑවුනු පය

මට හැඩ හින්දයි

මං පැතුවේ

ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි

එක පංතියේ හිදිමින් හැඩුවේ


සිදාදියට නිබියව පියමැන්නේ

දකින්න නුඹේ රුව මුවාවෙලා

වත්තේ කෝවිලට රතු පටි මදි මට

බාර බැදල නුඹ දෙන්න සොයා


නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං

කුඩේ දැක්ක විට ඈත තියා

ලස්සන කුමරෙකු අතිනත අල්ලන්

මම යන්නම් නුඹෙ සතුර නිසා


මිරිවැඩි නැතුවට

මඩ ගෑවුනු පය

මට හැඩ හින්දයි

මං පැතුවේ

ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි

එක පංතියේ හිදිමින් හැඩුවේ

Previous Next

نموذج الاتصال