පාවී පාවී | Paavi Paavi - Costa

පාවී පාවී

කොල්ලෝ ගහනවා සූස්ති

අහසෙ ඉදන් රෑ කැටයම් නාස්ති

සදුදා ඉදන් සිකුරාදට රාත්‍රී

අපි ගාව පොඩි පොඩි මල් ජාතී

සුදු කොල වල

කොල පාටට

චිත්‍ර ඇන්දේ මං

කළු පාටට

බිත්තියේ එල්ලලා මම

සුදු පාටින්

බලන් ඉන්නවා යකෝ

පැය ගානට


හද ගාව පාවි පාවි

ඉන්නෙ අපි

රෑට නෑනේ කාටවත්ම කේන්ති

සැප නින්දේ සාමදානේ ආවෙ නෑ

නේ සිතට මගේ අන්දකාරේ


පාට පාට ච්ත්‍ර සිතේ මගේ

රෑට රෑට චිත්‍ර පොතේ අපි

ගාට ගාට සිංදු කලේ මල්ලී

කාසි වාසි බලං නෙවෙයි

ආස දේට ජාති ගීත

ජීවිතේට සික් නේ මේවා මාර හීන

ජීවිතේම මාර හීන

ආදරේට මල්ලි මං ලිව්වේ නෑ නේ ගීත


ආයුබෝවන්

මගේ නම කොස්තා

ආවේ දංගොල්ලේ ඉදන්

නෑනේ බොරු රස්තා

කෑවේ සම්බෝලයි බතුයි

නෑනේ බොරු පැස්තා

හවසට ගහනවා සූස්ටි

ඉදගෙන තනියම කොස්තා

ජීවත්වෙන්නෙ ගින්දරේ

නෑනේ සැනසීම

පාට කලා පින්තූර ඒවා තාම හිස් රූප

මනස විකුර්ති ජාන හිස්

මේවා සිහින ලෝක

අම්මා තාත්තා හොඳ මිනිස්සු

අපි තමයි වැනසීම

හිතට ගන්නවා ගස යට මුන්

තවත් අවුරුදු 5කට පස්සේ චිත්‍රයක්

වැඩිහිටි චූන්

චිත්‍රෙන් පස්සේ අම්මා කිව්ව හොද පුතා

දෙවෙනි චිත්‍රෙන් පස්සේ අපේ අම්මා තවකතා

දවසේ වැරැද්දට ඇන්ද චිත්‍රය

ඉරුන පොකට් එකෙන් අපෙ අම්මට

අම්මා බැන්නේ හින්දා මේක මට ලංකාව

තරහක් හිතේ නෑ

අපේ අම්මා දන්නවා මගේ හැකියාව

සාමාන්‍යය පවුලක ඉපදුනු බව කිව යුතු

ගියා ඉස්කෝලෙකට

නගරේ සුපිරි සිංදු හම්බුනා

එල කොල්ලො සෙට් එකක්

බොක්ක හොද

තිරිසන් බඩු

තාම ඉන්නවා කොල්ලෝ කතා නැතත් නෑනේ නඩු

නඩු කාපු හින්දා දන්නවා සැප වදින්න

කටු කෑවේ නැත්නම් බෑ නේ මල්ලී සැප විදින්න

රිදී හැන්ද කටේ තියන් ආපු උන්ට ගන්න බෑ නේ සැප

දන්නේ උන් ගන්න සැප

වරෙන් නැමිලා දෙන්නේ පුක


පාවී පාවී

කොල්ලෝ ගහනවා සූස්ති

අහසෙ ඉදන් රෑ කැටයම් නාස්ති

සදුදා ඉදන් සිකුරාදට රාත්‍රී

අපි ගාව පොඩි පොඩි මල් ජාතී

සුදු කොල වල

කොල පාටට

චිත්‍ර ඇන්දේ මම

කළු පාටට

බිත්තියේ එල්ලලා මම

සුදු පාටින්

බලන් ඉන්නවා යකෝ

පැය ගානට


පාට පාට ච්ත්‍ර සිතේ මගේ

රෑට රෑට චිත්‍ර පොතේ අපි

ගාට ගාට සිංදු කලේ මල්ලී

කාසි වාසි බලං නෙවෙයි

ආස දේට ජාති ගීත

ජීවිතේට සික් නේ මේවා මාර හීන

ජීවිතේම මාර හීන

ආදරේට මල්ලි ලිව්වේ නෑ නේ ගීත

Previous Next

نموذج الاتصال