Pamawee Pipunu Mal Suwadai - Kasun Kalhara ft. Uresha Ravihari & Indika Upamali

පමාවී පිපුණු මල් සුවඳයි

පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

හිතට හිතැතිව

ගලා යන සුලගේ

හිතා ගන්නට බැ

කුමනට මලට ද

කුමන සුවදටදෝ

හද පියන් පත් හැර දමන්නේ



සිහින නගරේ සිගිති සද එලියේ

දොර ගලනා මතකයේ

සිනිදු පිනි අග පිපී නැලවෙන

මලකි මා මලකි මා ඔබගේ



පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ

දිය කදුරු ඉවුරේ පිනි කදුලු මත

උදා අරුණත හුදකලාවට සිනා මුසු කල

මලකි මා මලකි මා ඔබගේ



පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්



පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්

කුමනට මලකට කුමන සුවදටදෝ

හද පියන් පත් හැර දමන්නේ
Previous Next

نموذج الاتصال