රෑ ආකාසේ තාරුකා දිදුලනා
මා මේ යාමේ ක්ෂිතිජයේ තනි උනා
දෑසේ වෙලී, අපි තනි වූ වෙලේ
ආල හැඟුම් රැව් දුන්නා
දැහැනේ ගිලී , සමදී ඒ රසේ
සීත රැයේ , මා උන්නා
ඈ .. මාගේදෝ
සඳ එලියේ
දිදුලනා
කෙසේ
ඉවසම්දෝ
ආදරයේ
චේතනා
මතකෙට එනවා එක කෙනෙක්
කොහේ ගියත් , මොකක් කරත්
හෙමිහිට දුකක් ආවත් ගියත්
සතුටින් ඉන්නා විටදී වුවත්
සතියට වරක් නිදි නැති රැයක්
ඇය නැති පැයත්
පාලුයි මට ඒක දන්නව ඇයත්
වැස්ස අරන් එන්නෙ සැඟවුනු මතකයන්
මැව්ව හීන , සේද පින්න එක්ක තරඟයක්
දැක්කා ඈගෙ රූ සොභා මැකෙන්නෙ නෑනෙ ගියත් දශකයක්
උඹ චිත්‍රයක් .. !
දෑතේ බැඳී
පවතී ආදරේ
හදෙහි පැතුම්
හඳුනනා
ඈතින් සෙවූ
ඔබ වේ ආදරී
මෑත කොනේ
දිස්වෙනා