Ramalanaye Sanda - Dushani Madhushika

හිමිකමක් නැති
සිහිනයක් දැක
නුඹ මගේ යැයි නොකියමි
හිස් වසන ෆර්දාව 
ඇස් වසා බැඳි දිනෙක
රාමලානයේ සඳ මියැදුණි

සිහිනයෙක මැවෙන  මිරිඟුවක් සොයමි
ක්ශේමයක් නොදුටු සව්මයේ
සීතල ම රැයෙක  උණුහුම් ම කඳුළ
සහරයේ මැද ඇහැරමි
ප්‍රේමයක් නොදත් හදවතක් 
කර්කශ ම රළු පොළොවකී
සබඳ, ආදරය ඊමානයෙම කොටසකී

නැවතුමක් නොදැන දිග ගඟක් ගලන
ඉරිතැලුණු මිටියාවතේ
ලස්සන ම මල් පිපෙන බිමක් වේ එහි ප්‍රේමයේ
ස්වර්ගයේ ඊඩන් උද්‍යානයේ 
ආදම් නොදුටු ඇපල් තවමත් තිබේ
Previous Next

نموذج الاتصال