රුහුණු අහසින් - Ruhunu Ahasin | Kasun kalhara

ඇහැල මල් පෙති අදත් වැටිලා 
වැව් තෙරට ආ මොණරු හැඬුවා 
හරිත තුරු යට දෙඅත් පටලා 
නාඳුනන පෙම්වතුන් හිටියා 

එදා අප පෙම් තෙපුල මිමිනූ 
ගල් බැම්මේ පිනි වැටිල තිබුණා 
අනේ ඔබ නැති සොවින් තැවිලා
රුහුණු අහසින් කදුලු වැටුණා

මාතොටින් ආ මුහුදු හුළඟේ
මං ගියේ මතකය දිගේ
ආදරෙන් අපි ඇවිද ගිය මඟ
වාවනු බැරි තනිකම දැනේ

කවුරුවත් නැති දෙසුම් හල්වල
ඒ ඔබේ සුවඳ ම දැනේ
හීනයක් දැයි හිතේ
සරසවි බිමෙන් ඔබ නික්මුණු දිනේ

වීදී සටනේ පෙරමුණේ ගොස් 
ගැටී දුබලව ගිය දිනේ
ඒ ඔබේ ලෙන්ගතුකමයි මට
දිරිය ශක්තිය ඇති කළේ

සිව් වසක් ගිය තැනින් ප්‍රේමය 
කුරුටු ගා ගිය මුත් අඟේ
ආයිමත් මුණගැසී
දුක සැප බෙදා ගමු මිනිසුන් වගේ
Previous Next

نموذج الاتصال