ඇහැල මල් පෙති අදත් වැටිලා
වැව් තෙරට ආ මොණරු හැඬුවා
හරිත තුරු යට දෙඅත් පටලා
නාඳුනන පෙම්වතුන් හිටියා
එදා අප පෙම් තෙපුල මිමිනූ
ගල් බැම්මේ පිනි වැටිල තිබුණා
අනේ ඔබ නැති සොවින් තැවිලා
රුහුණු අහසින් කදුලු වැටුණා
මාතොටින් ආ මුහුදු හුළඟේ
මං ගියේ මතකය දිගේ
ආදරෙන් අපි ඇවිද ගිය මඟ
වාවනු බැරි තනිකම දැනේ
කවුරුවත් නැති දෙසුම් හල්වල
ඒ ඔබේ සුවඳ ම දැනේ
හීනයක් දැයි හිතේ
සරසවි බිමෙන් ඔබ නික්මුණු දිනේ
වීදී සටනේ පෙරමුණේ ගොස්
ගැටී දුබලව ගිය දිනේ
ඒ ඔබේ ලෙන්ගතුකමයි මට
දිරිය ශක්තිය ඇති කළේ
සිව් වසක් ගිය තැනින් ප්‍රේමය
කුරුටු ගා ගිය මුත් අඟේ
ආයිමත් මුණගැසී
දුක සැප බෙදා ගමු මිනිසුන් වගේ
