රිදුම් දෙන තැන් - Ridum Dena Than | Shiwantha ASh

රිදුම් දෙන තැන් කැපිය හැකි නම්
හදේ නුඹෙ කුටි මකා දමපන් 
ආලයක් ළඟ දැවෙන විටකත්
හිතක් ඇයි ඔත්පලම මෙතරම්

හීනි ඩා බිඳු කණට කොඳුරන් 
කාෂ්ටක හිරු පල්ලේ දුවමින් 
රැගෙන ආ අරලියා මලෙකත්
ප්‍රේමයක් අඩු කොහෙද කියපන්

තාල වන්නම් මොණරු නැටුවත් 
සේද මාවත් දිගේ නොගියත් 
ආදරෙන් මම සිම්බ තැන්වල
ප්‍රේමයෙන් හිඟ වුනිද කියපන්
Previous Next

نموذج الاتصال