Sanda Ona - Kasun Kalhara | The Romantic Opera

සඳ ඕනා

නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා

හිත ඕනා

උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා

අර පේනා

ඈතින් පායා

අරුමෝසම් පෑ

නිල් සඳ ඕනා

ඈතින් පේනා

අහසේ පායා

අරුමෝසම් පෑ …


මාෂා සොයා

දාමා නොයා

බලා හිඳී මේ දෙනෙත් විදාලා

මාෂා සොයා

දාමා නොයා

බලා හිඳී මේ දෙනෙත් විදාලා


දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ

තාමත් කාගේද නෑ

ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ

කිඳුරන් වාගේම නෑ

නවතාලා

හිත විමසාලා

තරු ඉඟි පාලා

ඈ මට ඕනා

ඈ නවතාලා

තරු ඉඟි පාලා

හිත විමසාලා…


ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ

ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ

තාමත් ඈ ළඟ නෑ

කොඳුරාලා

රහසින් කීවා

තව ලන්වීලා

සිපගන් ඕනා

ඈ කොඳුරාලා

රහසින් කීවා

තව ලන්වීලා…


මාෂා

වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ

සැලුනේ නෑ

වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ

අහසේ නෑ

සිතිජ ඉමේ නෑ

නෙත් මානේ නෑ

අයෙත් එන්නෑ

රෑ අහසේ නෑ

සිතිජ ඉමේ නෑ

නෙත් මානේ නෑ…


මාෂා සොයා

සියතුන් පවා

ඔහේ ගියා පියාපත් විදාලා

මාෂා සොයා

සියතුන් පවා

ඔහේ ගියා පියාපත් විදාලා

Previous Next

نموذج الاتصال