හීලෑ නොවන හිතක
ආලය දුවන විටක
සිහිනය තහනම් සඳ සේමා
සීමා නොවන තැනක
සේනා හැඟුම් නිතර
ඵහෙනම් ප්‍රේමය රස බෝමා
උණුහුම් අසිපත් ගෙන සැනසුම් සිඳලන්නේ කෝමා
කැඳවුම් කල මතකය හැඬවුම් ගෙන දුන්නේ සීතා
බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා
ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා
ප්‍රේමය පැරණි නොවන - රාගය අලෙවි නොකල
සිහිනය අඳුර සොයා ලුහුබඳියි - එයින් නැවත
තේජස් අභිසස් මැද - තුන් ලොව සුර කේසර
සිංහාරූඪ නිරිඳ රාවණා තමයි
විමනින් ශකුන නැඟෙන
යටැසින් බලන සිත් බෝමා ඉන් නිවෙනු මම කෝමා
මහිමෙන් යුදගිනි ලුව රුහිරෙන් ඇවිලුව
රාමා අවි අතගෙන හනුමා සමඟ පැමිණි සීතා රස හැඟුමක නුඹ හට ම අත වනයි
සීතා
නිල්දිය පොකුණ නිසල නුඹෙන් අහිමි සිහින
ආතුරයි
බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා
ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා
