තනමල්විල මල් පිපුනත් | Thanamalvila Mal Pipunath - Chamara Weerasinghe

තනමල්විල මල් පිපුනත්

තහනම් නීතියට

ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට

හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට

සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට


පොලතු පැල්පතක හීන

රන්දා මාලිගයක

ලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙට

කාසි පදුරු පීදුනාට ගිනිගත් ජීවිතයක

ඇවිද්ද පය විලංගු වෙයි

ඔය කහමල් යායට


තනමල්විල මල් පිපුනත්

තහනම් නීතියට

ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට

හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට

සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට


අපේ ගමේ සිටුවරයින්

යහමින් ඇති අත මිට

කාසි වලට හාද වෙලා

නගරේ ලොකු උදවිය

නීතිය තහනම් උනාට

තාමත් ඉර හද යට

කොළඹට අරගෙන එනවා

තනමල්විල මල් ටික


තනමල්විල මල් පිපුනත්

තහනම් නීතියට

ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට

හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට

සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට

Previous Next

نموذج الاتصال