බුදුන් දැක නිවන් දකින්න | Budun Daka Niwan Dakinna - Chamara Weerasinghe

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..

අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..

සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..

අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..

අපේ ජීවිතේ..


සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..

පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ..

දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ..

වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ..


භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ..

කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ..

සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ..

මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ..

Previous Next

نموذج الاتصال