මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා
මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා
දින දින හද දොරහැර මාගේ - පෙම්සිත දවනා රළු රාගේ
හඩවා.. කදුලින් මා තෙත්කලා...
මලකින් මත් බඹරෙකු වාගේ - සිතගින් සැලුවා ගුම් නාදේ
ඇසුනා.. මුවගින් ඔබේ සදා...
සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා
සගවා පෑ මුදු මදහසේ - ගිනිගෙන සිතිවිලි පොද වෑහේ
ඔබ මා සිතැගින් මුලා කලා...
කතරක් බදු මේ යහනාවේ - මිරිගුව දැක සැතැපුනු යාමේ
මිදුනා.. දැහැනින් මුලා වෙලා...