හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා....
පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා......
මට සිතුනා.....
මට කීවා රහසින් පවා
මල් පෙත්ත සියුමැල්ල සිරුරම දවයි
ඉඩ නැත්තේ විදගන්න දැන්
රතදර ඉරා සිතියම් මකා
බඹරෙකු මල් පොද උරා..
පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා......
මට සිතුනා.....
මට කීවා රහසින් පවා
හිරිකෝණ වදනකට හැකිලෙන්න එපා..
කදුලැල් ඇයි රූරා ගලා..
හිනැහෙන්න කෝ
නැලවෙන්න කෝ
සතපාලා සනසන්නදෝ...
පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා......
මට සිතුනා.....
මට කීවා රහසින් පවා
හාදු සුළගේ දැවටිල්ලේ........
පිපුනාවේ පිපුනාවේ විහිදා.......