ඉපදුන තැනදිම | Ipaduna Thanadima - Amila Perera

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්

ආදර දෙසිතක ඉකිබිදිනා

නොමියෙන මතකය පමණක් දෙහදේ

සිර වේවිද උන් මියෙන තුරා….


කාටත් නොපෙනෙන

කවුරුත් නොදකින

ළයේ පැතුම් පොදි තෙරපෙනවා

ඉගිලී යන්නට අහසක් තිබුනට

සිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑ

ආදරයේ දැහැනින් මිදිලා…..


සිතිවිලි අතරේ තනි වී ගොළු වුනු

බලාපොරොත්තුව යලි පුබුදා

දකිනා පෙනෙනා සිහිනේ සොයනා

කැළඹුණු සිත සන්සිදුනා….



Previous Next

نموذج الاتصال