ලිය ලියා | Liya Liyaa - Smokio & Dilki Uresha

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..

පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගේ හදවතේ ගිනි අවුලා..//


හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති

හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි

අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති

මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්

මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි

මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි

"කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"

ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "

හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ

තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?

ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ

ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..


ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගේ හදවතේ ගිනි අවුලා..//


ඔව් මට තව පාරක් හිතන්න තිබුණා

මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා

නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා

අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා

සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව

පසුතැවිල්ලට හේතුවයි පමාව

මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව

හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව

ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්

මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්

ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්

ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..


පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..

පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගේ හදවතේ ගිනි අවුලා..//




Previous Next

نموذج الاتصال