කාටත් හොරා | Katath Hora - Surenie De Mel

 ඉඟියෙන් දන්වන්නම් - හැඟුමන් හංගන්නම්

තනියෙන් හිනැහෙන්නම් රහසෙ 

ආල හිතක් හංගං - නොදුටුව සේ ඉන්නම් 

සිහිනෙන් සැතපෙන්නම් පහසේ 


කාටත් හොරා දෑසින් සොරා 

ගත් රූ ඔයා මේ සිත් පුරා 

නෑ මැකෙන්නේ සදා 


සන්තාප පාළු ලං වෙන්නේ නෑලු 

රහසින් ඇවිල්ලා ළඟ ඉන්නවා 

හිත දෙන්නේ නෑලු පිළිගන්නේ නෑලු 

කවුරුත් ඇවිල්ලා කිව්වත් කතා


රන් තාරකාවන් වාගේ ඇවිල්ලා 

හොරැහින් බලාවී නිවෙනා තුරා 

සඳ අහස එනකම් ඉද්දි බලන් දැන් 

තරුවකට අහසේ ඉඩ දෙන්නෙපා



Previous Next

نموذج الاتصال