නුඹ ළඟම නැවතේ | Nuba Langama Nawathe - Dulmin Wickramasinghe

 නෙතු වැසුණු අඳුරේ 

සිත තවම ගමනේ 

නේක මංපෙත් පහු කරන් සිත 

නුඹ ළඟම නැවතේ

නුඹ ළඟම නැවතේ 


මග දෙපස පිබිදෙන

මතකයේ මල් සුවඳ විඳිමින් 

හිත නොනැවතී ගමනේ 

නුඹ දුර නිසා තරුසේ

සිත නුඹ ළඟම නැවතේ

නුඹ ළඟම නැවතේ 


බිඳ නැගෙන බාදක 

එදා දවසේ මා පෙලූ

හිත නොම සැලී ගමනේ

නුඹ මගේ වෙන සිහිනේ

සිත නුඹ ළඟම නැවතේ

නුඹ ළඟම නැවතේ 

සිත නුඹ ළඟම නැවතේ

නුඹ ළඟම නැවතේ



Previous Next

نموذج الاتصال