තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූ
මගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූ
කනේරු මල් පුසුඹ තුරුලු කර වියරු
ගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු...
නෑඹුල් රස සොයනා වියපත් බඹරූ
මුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරු
මලිගිය මල් තලා දල කරලති සිදුරු
මලකට පිපෙනු බැරි බිම කෝමද සොදුරු...
සිහිනෙක සතපවා ගෙන ගොස් මග නපුරු
සමනළ තුඩට හුරු කරවති රස නුහුරු
බුදු හිමි වැඩිය පින්බිම කරමින් අඳුරු
වැඩි ලංසුවට විකිණෙන හැටි මල් අහුරු..