පුම්බන් ඔරවන් | Pumban Orawan - Gayashan Weerawansha Ft Sunil Perera

ටයි දාගෙන Shirt තද කරන් හිටියට සැප පුටුවල මුළු දවසෙම 

ඩිංගක් කලියෙන් ගෙදරට පලයන් හිනාවෙයන් ඒ මිනිස්සු එක්කල 

Cell Phone වල ඔලුව ඔබාගෙන සෙල්ෆිම ගහ ගහ අප්ලෝඩ් කලාට 

වචන දෙකක්වත් කතා කරපන්කො  ලග ඉන්න එකාගෙ තනිය මැකෙන්නට..


පුම්බන් ඔරවන් ලොකු සීන් දාගෙන හිටියට ජීවිතේ හරි කෙටියිනේ//

 


නොමිලෙම දෙන්නට පුළුවන් තෑග්ග හිනාව දීපන් උබෙ කට පුරාම 

සතුටක් දීපන් තව හදවතකට ඒකයි ජීවිතේ... 

එන එන තාලේ Fashion හොයාගෙන Branded ඇඳගෙන Makeup කලාට 

කාටද පුළුවන් ලස්සන දකින්න හිනා වෙන්න දන්නේ නැති මුණක... 


පුම්බන් ඔරවන් ලොකු සීන් දාගෙන හිටියට ජීවිතේ හරි කෙටියිනේ//


වරදක් දැක්කොත් උබේ යාලුවාගේ කියපන් ඒ බව උගේ මූණටම 

තැන තැන කියවන 3rd Class වැඩ තියෙන්න හොද නෑ මනුස්සයෙක් ළග 

හැමෝම ජීවත් වෙන්නේ තමන්ට හොද යැයි හිතෙනා තමන්ගේ විදියට 

Judgment දෙන්නට කථා හදන්නට කවුද උබට දුන්නේ ඒ අයිතිය.. 


(පුම්බන්.. ඔරවන්.. ලොකු සීන්...)///


පුම්බන් ඔරවන් ලොකු සීන් දාගෙන හිටියට ජීවිතේ හරි කෙටියිනේ///



Previous Next

نموذج الاتصال