රන්තරු | Rantharu (Teledrama Theme Song) - Eranda Pathum Ft Amila Nadeeshani

සද රැස් සරසා

රන්තරු පිපිලා

රත්තරන් ආදරේ

හදවත පිරිලා

ඔබේ හුස්ම ඇවිත්

මගේ ලය පිරිලා

මට දැනුනා සිහිනෙන් දුටුවා


රන්තරු පිපුනා

රන්තරු පිපුනා


යටිහිතට වද නොදී

සෙනෙහසට මුල පුරන්න

ඒ සුවද දිවිතුරා

මගේ ලගම තනි කරන්න

ඔබ හිතන තරම්

පෙම් සිහින් අරන් ඉගිලෙන්නෙ නෑ කියන්න

ඇත්තටම ආදරෙයි

සංසාරෙදිම හිතන්න


රන්තරු බලා හිදින්න

රන්තරු බලා හිදින්න

ගිරි සිකර සිප ගනී

වැහි වළාකුලු නැගීලා

අපි අපිටම ඇතී

බාදා නිමක් නොවීලා

සැනසුමයි උතුම්

රතු රොස මලින්

ආදරේ ඉම තනාලා

අපි අපේම වෙමු

මතු කදුලු පිස දමාලා


රන්තරු දිලෙයි සිසාරා

රන්තරු දිලෙයි සිසාරා



Previous Next

نموذج الاتصال