අතින් අල්ලන් ඉතින් අපි යන්
ජීවිතේ නම් තණග බිඳුවක්
නුඹේ සෙනෙහේ තරම් කිසිවක්
දැනිලානම් නෑ කවදාකවත්
කඳුළු ඇවිදින් ඇති දවසක් වාරක්
හීන මල්ලම මඟ දිගට හැලුනත්...
හමුවෙමු අපිත් වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත්
අපි සැනසෙමු යලිත්...
මඩේ පිපුනා අපේ ආලේ
හුඟක් දැනුනා මට උඹේ තාලේ
ඉඩදියන් දැන් හරි අපේ කාලේ
නුඹයි සියපත් මල "චාම් බෝලේ"...
අපිත් යනවා දවසක ලී කූඩුවේ...
එතෙක් විඳිමූ අපි මේ ජීවිතේ ... //
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
නුඹ යි තහනම් මල මගෙ ලෝකයේ...