සම්මානධාරිණී | Sammanadharini - Leon Wijesinghe Ft Bhanu Prabhasha

 බිතක එල්ලුනු ලෝගුවක් ඇදි ඇගේ කළුසුදු පින්තූරේ

අත දරා ගත් සහතිකේ ඇති මකුලු දැල් බැඳි ලිපිගොනුවේ

මහගෙදර පිල අද්දරට එන බොල් සුලඟ හා දොඩමළුවේ

අකුරු දන්සල ඉවර කර ඈ ගොලුවතට කිම පෙම් කලේ


ටියුටයක් අත බෙදා ගැම්මට අකුරු මිල කරලා

සෙයිලමේ උන් එකා පරයා ශිල්ප විකුණන්නා

මහ වැවක් ලෙස නුඹ ම සරි කල වී කරල් පල්ලා

ඇල ගලා යයි කිසිත් නොදොඩ ම සිඳුණු වැව හැරදා


සුණු සුළන් රැලි අතර හෙම්බත් වී දෙබස් හංගා

කැකෑරුණු හද පත්ල සෙලවී නෙත් කඳුලු එබුණා

ගුරු සිතට කලකිරුණු දිනයක් උනිද අප හින්දා

සමා අවසර ඇසූ කල ඈ  හදින් ඉකි බින්දා


ගුරුකුලේ සම්මානධාරිණී ඈ

සිප් හලේ ගුරු දේවතාවී ඈ



Previous Next

نموذج الاتصال