රතු දෙතොල් තෙමෙයි නිසොල් මනේ
ඇස් පියා හිඳින් රසේ දැනේ
ළැම කිති කවා මැවු උන්මාදයේ
හැඟුවන් උමුතු වෙලා මගේ
මේ තරම්ම ආදරේ මගේ ළයේ
මැවු ළඳේ ඔබයි මගේ
හාදු වර්ෂාවේ
තෙමී නැහැවෙමු අපි දෙදෙනා
රාත්‍රිය තරුණයි
දැවී අළු වෙමු රසය හොයා
සියොලඟ දවනා සොඳුරු හීනේ
උණුහුම් ද මෙතරම් හුස්ම ගානේ
දුහුල් සළුපටේ ආඩම්බරේ
හිතුමතේ ගලවී ඉගිලී ගියේ
නාරිමල් පුදිනා හැම මායම් කොනේ
මා නෙතු දැහැන් වශී වුනේ
මේ තරම්ම ආදරේ මගේ ළයේ
මැවු ළදේ ඔබයි මගේ