කිරළි සිය බිජු | Kirali Siya Biju - Chandra Kumara Kandanarachchi

 කිරළි සිය බිජු රකින විලසින

නැතොත් මගෙ පන සේ රැකී

අනේ වන දෙවි දේවතාවුනි

නැතිවෙලා මගෙ ජානකී…


රාමා….

සීතා….

රාමා….

සීතා….


සීතා….සීතා….මම රාමා මම රාමා


මේ වනේ වන මල් පවා අද

බිමට වැටිලා මැලවිලා

ගීගැයූ සියොතුන් පවා නැත

උන් මොකෝ අද ගොලුවෙලා

උන් මොකෝ අද ගොලුවෙලා


සීතා…. සීතා….මම රාමා මම රාමා


වනේ විහගුනි කුරුල්ලනි

මුව සිගිත්තනි තෙපි ඇය සොයව්

කොහේ සිටියත් සොයා යන්නෙමි

සිටින තැන ඇය මට කියව්

සිටින තැන ඇය මට කියව්


කිරළි සිය බිජු රකින විලසින

නැතොත් මගෙ පන සේ රැකී

අනේ වන දෙවි දේවතාවුනි

නැතිවෙලා මගෙ ජානකී…

රාමා….

සීතා….

රාමා….



Previous Next

نموذج الاتصال