ලෝ අඩ නින්දේ | Lo Ada Ninde - C T Fernando

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ

සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ

රන් තරු බැබලේ නිල් ආකාසේ

ලස්සන මල් වාගේ


කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා

පහලට බැස යති දිය රැල්ලේ

නාමල් පිපිලා නැලවෙති සුළඟේ

සුවඳ හමා දසතේ

සෝබන මේ නදියේ

සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ


ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ

දැන් දැන් මා හද නලවන්නේ

මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ

දසතම පැතිරෙන්නේ


කවුරුද ඇල්හේනේ

කවුරුද ඇල්හේනේ

ගී හඬ පතුරන්නේ



Previous Next

نموذج الاتصال