සදවට රන් තරු | Sandawata Ran Tharu - C T Fernando

බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙට

මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට…

දරු සෙනෙහසින් ඈගලේ පෙරලුනි කිරට

අම්මද බිරිදද ලොකු වෑඩියෙන් උබට

සදවට රන් තරු කෑකුලු පිපේවා

හිරුට වලාකුළු සළු පෑලදේවා

පොලොවෙහි මිනි මුතු..කෑට බිහිවේවා…

පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා…


ගගුලට ඈති බර… දිය වෑලි නේදෝ

කතරට ඈති හර… සුදු වෑලි නේදෝ…

ලදකට ඈති හෑඩ… යහගුණ නේදෝ

මවකට ඈති සෑප…. දරු සෑප නේදෝ…

ලදකට ඈති හෑඩ… යහගුණ නේදෝ

මවකට ඈති සෑප…. දරු සෑප නේදෝ…


ගින්නක් නෑති කල.. දුමක් කොයින්දෝ…

පින්නක් නෑති කල… තෙතක් කොයින්දෝ..

වහලක් නෑති කල.. ගෙයක් කොයින්දෝ..

අම්මෙකු නෑති කල… දෑයක් කොයින්දෝ..

වහලක් නෑති කල.. ගෙයක් කොයින්දෝ..

අම්මෙකු නෑති කල… දෑයක් කොයින්දෝ..

සදවට රන් තරු කෑකුලු පිපේවා

හිරුට වලාකුළු සළු පෑලදේවා

පොලොවෙහි මිනි මුතු කෑට බිහිවේවා…

පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා…



Previous Next

نموذج الاتصال