මනරම්‍ය රාධා | Manaramya Radha - Chandana Silva Ft Yasas Medagedara

මන රම්‍ය රාධා නෙතු කැල්ම මානා

සඳ කැන් සිනා වෑහෙනා

ආනන්ද ආශා නෙතු යුග්ම ගේනා

සඳ රෑ පුරා සිහිවෙනා සැලීලා මා

රෑ හීන පීරා රූ සේද සීරා

මන මත් කළා මාව රාධා

උන්මාද ආශා මා සංතානෙ යාවීලා

සිතුවම් මවා හීන සේනා

සන්තාප සේදීලා සෘන්ගාරෙ නැහැවීලා

හැඟුමන් පවා මෝදු වීලා

රෑ හීන පීරා රූ සේද සීරා

මන මත් කළා මාව රාධා

වස්සානෙ නෙත් දීලා ගිම්හානෙ ළංවීලා

සුසුමන් සලා හාද වීලා

මධ්‍යාහ්නෙ යා වීලා සන්ද්‍යාවෙ පාවීලා

පැතු පෙම් සිනා පාට වීලා

රෑ හීන පීරා රූ සේද සීරා

මන මත් කළා මාව රාධා



Previous Next

نموذج الاتصال