නැවුම් කළේ | Nawum Kale - Charitha Attalage Ft Chandrasena Thalangama & Chamara Nirmal

නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ

නැවුම් සුවඳ අඩු නෑ

අලුත් ළිඳේ දියවරින් පුදන්නට

කැමැත්ත දෙයි සැක නෑ


පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ

නැවුම් සුවඳ අඩු නෑ

අලුත් ළිඳේ දියවරින් පුදන්නට

කැමැත්ත දෙයි සැක නෑ


බිතක්කනට පිටදී නිය සැපුවයි

සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි

යමින් එමින් ඇඹරෙයි මගේ හිත

බාන කඩාගෙන යයි


ඇබිත්තකට හිටපං තව නොදුවා

කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා

දාංගලේ බොහොමයි මගෙ නංගියේ

මේං මේක අහපං

Previous Next

نموذج الاتصال