මන්දෝදරී | Mandodari - Chamara Karunanayake & Tharindu Damsara

කිමද රාවණා නුඹ නේන කාරණා

කන්කලු රාවණා වෙණ නද නෑසෙනා

හදවත පාරණා පැතිරෙන කාරණා

කදුලු බර වැඩී දෑසට රාවණා


කාරණා මන් කියන්නම්

පෑරෙනා හිත හදන්නම්

වේදනා පිස නිවන්නම්

රාවණා මා

මන්දෝදරී


සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ

ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ

මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ

මියෙන තුරු සොදුරුතම රතිගන

නුඹ තමා මන්දෝදරී


අදුරු කළුදිය පොකුණ සැගවුන

කටුක අමිහිරි බෝ රහස් ඇත

අතීතය සිත ගොළු කරයි මා ආදරී

ගැඹුරු සිතිවිලි අතර සැගවී

නුදුරු ලෝකයෙ සැගව යමු අපි

අතීතය හීනයක් නොව මන්දෝදරී



Previous Next

نموذج الاتصال