රැජිනියේ | Rajiniye - Ashanthi de Alwis

හැඬුවේ නෑ ලයේ පතුල රිදුනත් පෑරිලා

බියවී නෑ කොහේ කොතන ඇහුනත් චෝදනා

මගෙ වාරුවෙන් හරි සීරුවෙන් ආ මාවතේ

රතු රෝසමල් පාවඩ නැතේ මට පෑගුනේ

මිතුරේ


රැජිනියේ ඔබ නැත තනිවී

නිදහසේ ඉගිලියන් බිය නොවී

හිංසාවෙන් නෑ මල් පෙති පරවී

සුවඳ දේ පිපිලා සැරසී


දහසක් බාධා කල අය බෝ ඇතේ ජීවිතේ

නෑ මා සැලිලා ඒ කිසිවක් නිසා තුන්යමේ

අසමාන වේ ඔබ රූපයෙන් හැඩකාරියේ

සුන්දර හිතින් සැරසුනු ලඳුන් බැබලෙයි ලොවේ

මිතුරේ


රැජිනියේ ඔබ නැත තනිවී

නිදහසේ ඉගිලියන් බිය නොවී

හිංසාවෙන් නෑ මල් පෙති පරවී

සුවඳ දේ පිපිලා සැරසී


කඳුලක් වැටී අත්ලේ ගැටී හිත් පෑරුවේ

හිංසා කලෝ පීඩා කලෝ කොහෙ හැංගුනේ

නැගිටින්න දැන් වීරය අරන් ජය මාවතේ

මුදු පා තියන් නුවණින් ගියෝ නෑ පැරදුනේ


රැජිනියේ ඔබ නැත තනිවී

නිදහසේ ඉගිලියන් බිය නොවී

හිංසාවෙන් නෑ මල් පෙති පරවී

සුවඳ දේ පිපිලා සැරසී



Previous Next

نموذج الاتصال