රගහල දැන් ඇත අඩ අදුරේ | Rangahala Den Etha Ada Andure - Wijerathna Warakagoda & Anula Bulathsinhala

රගහල දැන් ඇත අඩ අදුරේ

අපි දෙදෙනා පෙම් පිළිසදරේ

අන්න බලන් කුමරිය මනමේ…

තනිවී අැත හිම ගිරි අරණේ

රගහල දැන් අැත අඩ අදුරේ

අපි දෙදෙනා පෙම් පිළිසදරේ

අන්න බලන් කුමරිය මනමේ…

තනිවී ඇත හිම ගිරි අරණේ


දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ

මගෙ හද ගැබ තුල පිරුණයි අාලේ

නැති මුත් රජ සැප හිමගිරි අරණේ

ඔබ හැර මෙමටා නැත අන් සරණේ

අවසන් වසරේ සරසවියේ

ඔබෙ අත අරගෙන හන්තානේ

කදු පාමුල මහවැලි සෙවනේ…

මනමේ කුමරිය ඔබද ළදේ


හැඩි දැඩි සිරුරට අාලය දැණුනා

ඔබ වෙත අසිපත දෙන්නට හිතුණා

මනමේ කුමරුන් මරුමුව වැටුණා

දැන් මම රැජිණකි හිම ගිරි අරණා

රගහල දැන් අැත අඩ අදුරේ

අපි දෙදෙනා පෙම් පිළිසදරේ

අන්න බලන් කුමරිය මනමේ…

තනිවී ඇත හිම ගිරි අරණේ


රගහල දැන් ඇත අඩ අදුරේ

අපි දෙදෙනා පෙම් පිළිසදරේ

අන්න බලන් කුමරිය මනමේ…

තනිවී ඇත හිම ගිරි අරණේ



Previous Next

نموذج الاتصال