තාමත් ආදරෙයි මං
මගෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා
මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දිය වෙලා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා
නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳයි
උණු කඳුලැල් තුරුළු වෙලා
ආයෙත් ඉන්නම්
හිස උකුලේ තියා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා