තරු එළියේ ඔබ | Tharu Eliya Oba - Chandralekha Perera

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ

සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ

රජ දහනේ රජ කුමරිය වූ දිනයේ

පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ


සීතල පින්නට මගෙ හිස තෙමුනා

ඈතින් ඈතට මගෙ සිත යැවුනා

පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා

රජ දහනේ රජ කුමරිය වූ දිනයේ

පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ


වෙහෙස නිවා ඝන අඳුරේ

සිසිල සදා තරු එළියේ

පියමැනලා මල් ගොමුවේ

ඔබ දුටුදා මතක තියේ

ජීවිත කාලය ඔහු වෙත පිදුනා

ආදර චන්දන සුවඳින් පිරුනා

පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා


තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ

සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ

රජ දහනේ රජ කුමරිය වූ දිනයේ

පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ



Previous Next

نموذج الاتصال