ජේසුනි | Jesuni X Mas Song - Sajith, Christine, Geeth, Kanishka, Chanaka, Wanjitha, Ayoma

ජේසුනි ඔබ මා  - හමුවෙනු කොහොමා

හඳුනා ගෙන මා - හිනැහෙනු මා හා

ජීවිතයේ වැරදුනු තැන් පෙන්වා...

මා ඔබගේ දරුවෙකු මෙන් සලකා...

සැනසුම දෙනවානම්...

[මා ඉන්නේ... ඔබෙ තුරුලේ]...//


මේ ලෝ තලයේ ගුණදම් නැසුවේ

අපි අපිමයි සමිඳේ...

නෑ පැතිරූවේ අනෙකට සෙනෙහේ

දුටුවද ඔබ සමීඳේ...

කටු ඔටුනින් ඔබෙ ලේ වැගිරෙව්වේ

ඔබ පෙම්කල අයනේ....

සතුරන් වෙත ඔබ ආදරෙ කල හැටි

පුදුමයි දෙව් රජුනේ....


කුරුසෙහි හිඳුවා දුන් වද ඉවසා

සමිඳුන් නිහඬ වුනා...

පාපී සිතකට නොහැඟුනු සෙනෙහස

ඔබ අප සැම රකිනා...

මේ නත්තල සේ ජීවිත සැමගේ

සුවදායක වේවා....

සමිඳුන් පැතු ඒ සුන්දර ලෝකේ

සාමෙන් බැබලේවා.



Previous Next

نموذج الاتصال