රාත්‍රිය මගෙන් | Rathriya Magen - Saman Lenin & Nilakshi Helapitiya

M-රාත්‍රිය මගෙන් විමසයි

කඳුලු බිඳු කිමැයි දෙකොපුල

දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවියේ 


F-රාත්‍රිය ඇවිත් නුඹ වෙත 

ඇස් වලට රිදුම් දෙන කල 

සඳක් වෙමි දුරින් හිඳ මම ප්‍රේම කුමරුනේ


M-අනන්ත වූ තරු කැට මැද 

පෙනුනෙ නුඹෙ දෙනෙත පමණයි

කරුණ කිමැයි දන්නෙ නුඹ තමයි 


F-අනන්ත වූ තරු කැට මැද 

පෙනුනෙ නුඹෙ දෙනෙත පමණයි

කරුණ කිමැයි දන්නෙ නුඹ තමයි


M-අකම්පිත හිතක් පතුලේ 

අපරිමිත පෙමක් ඇති බව

කියා දුන්නෙ සත්තකින් නුඹයි 


F-හඬන්නට පවා තහනම් 

අසන්තක ලොවක් ඇති මුත්

අනන්ත වූ විශ්වයම නුඹයි 


M-රාත්‍රිය මගෙන් විමසයි

කඳුලු බිඳු කිමැයි දෙකොපුල

දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවියේ 


F-රාත්‍රිය ඇවිත් නුඹ වෙත 

ඇස් වලට රිදුම් දෙන කල 

සඳක් වෙමි දුරින් හිඳ මම ප්‍රේම කුමරුනේ




Previous Next

نموذج الاتصال