උපමා ලොවේ ගලපා කෙසේ
කියමිද කවදා නුඹේ ආදරේ
සිනහා මුවේ මැවුණා මෙසේ
දෙතොලග ගැයෙනා මගෙ ආදරේ
දුටුවා හිරු සඳු පවා හිනැහුනා
තුරු වැල් පවා නැලවුනා... ආදරෙන්...
ඔහු සොයා මද නලේ රැගෙන යනු ගී මගේ
නිල් දියේ සැඟවිලා ආදරේ යන රඟේ
සද නොමැති ලොව යම් දිනේ
අදුරු වී යයි මගේ
වලාවට කලියෙන් ඇවිත් මා
රැගෙන යනු හිමියනේ
නුඹ එනා මග තුරා තරු එලිය සැරසිලා
පිනි වැටී ගිම් නිවා සඳ කුමරු වඩිනවා
හමුවනා මග කණමැදිරි එලි
බොහේ රැවටෙනු එපා
නුඹ එනා තුරු සදලු තලයේ
මං බලා ඉන්නවා