හුස්ම | Husma - Nilupul Chamikara

හැම හුස්මක මං ඔබ හොයන තරම්

හිත තාම බැඳී ඔබ කෙරේ

හද පෑරුනු තැන් කඳුලින් නිවමින්

අතනෑර එමී ජීවිතේ


හුස්ම වැටෙනා මොහොත දැනෙනා

පෙමක් තිබුනා හැබෑ නොවෙනා

ඉරා කඳුලැල් මවා හසකැන්

හිතක් තිබුනා මගේ නොවෙනා 


හැඟුම් දැහැනේ වෙලී පැටලී

නිමේශයකින් මිදී ඉගිලී

හැඟුම් දැහැනේ වෙලී පැටලී

නිමේශයකින් මිදී ඉගිලී

දෙනෝදාහක් දෙනා අතරේ

තනියී කියනා හැඟුම දැනුනා


ඉරා කඳුලැල් මවා හසකැන්

හිතක් තිබුනා මගේ නොවෙනා. 

මතක සයුරේ ඉමක් පාසා 

ලඟම දැවටී නුඹම හිඳිනා

මතක සයුරේ ඉමක් පාසා

ලඟම දැවටී නුඹම හිඳිනා

දෙනෝදාහක් දෙනා අතරේ

තනියී කියනා හැඟුම දැනුනා

ඉරා කඳුලැල් මවා හසකැන්

හිතක් තිබුනා මගේ නොවෙනා



Previous Next

نموذج الاتصال