අමතකයිලු මාව දැන් එයාට
දුරස් වෙලා ටිකෙන් ටික හිනාව
ජීවිතේම බාර දුන් කෙනාව
අතහරින්න දැන් ඇවිත් වෙලාව
මා එක්ක හිටියා
දැන් ඇතියි වගේ නම්
යන්න අවසරයි ඔයාට රත්තරන්
යන්න අවසරයි ඉතින්
මාව දාලා යන්න ඕනෙමයි කියා
නොකිවුවාට දැනෙනවා හැබැයි ඔයා
ඔයාගේ ඇස් දෙක
දිහා බලන් මම
කියන්නේ කොහොමද
යන්න යන බව
ඔයාගේ අත්දෙක
අයිති නැ මට
ඒ නිසා මම නතර වෙන්නද
ආදරෙයි රත්තරන්
හැබැයි සත්තයි මම
මං තරම් ආදරේ
කවුරුවත් නැ ලොවේ...//
එහෙව් මාව තමයි ඔබව
නැතිකර ගන්නේ
මේ ආත්මයේ..
ඔයාගේ අත්දෙක
අයිති නැ මට
ඒ නිසා මම නතර වෙන්නද
ආදරෙයි රත්තරන්
හැබැයි සත්තයි මම
මලක් මෙන් පරිස්සම්
කලා මං ඔබ ඉතින්...//
එහෙව් මාව තමයි ඔබව
නැතිකර ගන්නේ
මේ ආත්මයේ..
ඔයාගේ අත්දෙක
අයිති නැ මට
ඒ නිසා මම නතර වෙන්නද
ආදරෙයි රත්තරන්
හැබැයි සත්තයි මම