Anula - Malini Shyaradee



නුරාවී මා අනුලා නෙතු රවටන

කාමයේ ධේනුව සේ ගත පිනවන

රමණයේ අහවර දුක් ගිණි  උහුලනා

සිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා


විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනා

වියපත් වූ පාපියෙකු අතින් බඹසර බිඳුණා

විඳවනා මා ගතේ දුක් රුධිරයේ පෙඟුණා

එලෙස විදි දුක් විෂ බඳුන් වල මුහු වෙලා තිබුණා

බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා


රජ මැදුරු වාසල එහා නෙක ගම් දනව් පීරා 

දාහයෙන් නැහැවුන ගතින් මා ආදරේ හෙව්වා

වංශයේ දීපංකරේ  සැම කුල සිරිත්  වනසා

ප්‍රේමයක් නොලබාම මා ගිණි චිතකයේ දැවුණා

බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

Previous Next

نموذج الاتصال