රළු පපුවෙ හද ගැස්ම දැන හැඳින සනසන්න මා ජීවිතේ
එන දාක මැවූ හීන පළඳාන රන් මාල යන්නයි මා ඉඟි කලේ
වීණාවියේ…… වීණාවියේ මගේ…
දිලේ වන් නීල නෙත් මණ්ඩලේ නුඹ පෑවා සරාගී නුරා
කමලේ රන් වන් සඳ සේ දිලේ පෑවා මා ආශා මවා
ආකාහේ පායා දිලිසේ සඳ මාගේමයි කියා
නුඹ මාගේමයි කියා…
රළු පපුවෙ…
පියමන් කරන්නම් ලං වී වෙලී ජීවිතය නිම වෙන තුරා
කොඳුරන්න ආදරෙයි යහනේ වෙලී රාගී සරාගී නුරා
ආත්මයෙන් ආත්මයේ හමුවෙමු මතු උපදින මාගේමයි කියා
නුඹ මාගේමයි කියා
රළු පපුවෙ…