දකින දවසක | Dakina Dawasaka - Shashika Madhushani

රුවන් වන් රුව වැනුම් කරවා පිපි මලක් මෙන් කතර

තලා පොඩිකර උරා රොන් බොති ඒ මලෙන් මත් බඹර

වැදී රිදුනත් ඇනුම් පද ගල් අම්බපාලිට නිතර

කොහෙද සිදුහත් පිරිමි ඉන්නේ ගිලීමල් දන අතර


ක්ශීර රුහිරය වෑහෙනා බව හෘදයේ ඉද දුවන්

ජීව උල්පත කාරණා නුඹ හුස්ම ගන්නට සිටන්

මාතෘ ස්නේහය සාදනා බව ගෑනු සිරුරම දරන්

දකින දවසක යන්න පුලුවන් අම්බපාලිට නිවන්


හිත බැදෙන තැන මුසා දොඩමින් ඔවුන් ලිහුව සලුව

එතැන ඉදලා සඳ වසාගති වළාකුලුවල කලුව

පද බදිනා අය වසාගෙන ඇතුලතේ ඇති රලුව

දෙව්දත් වුනා බෝසත් දනන් හූරමින් ඒ පපුව



Previous Next

نموذج الاتصال