මට මාවම නැති වු තැන් බෝමා
මා ගැන කීව දේ බෝමා
මා හිත හැදුව තැන් බෝමා
හදේ ගී රාවේ මා
කාලය හාදු දුන් කෝමා
රාත්‍රිය මාව නැති වුනු දා
මා නෙත ආයේ කැළඹීලා
කැළඹීලා කැළඹීලා ...
හීනෙක මාව පාවී ගියා ඒ
ආදර ගීත නෑ මාගේ ආයේ
රෑ වුණු දාට මා හීන පාවී ආ..//
බොරලු කම් නෑ නුඹ නොඅඩා ඉදින්
පුරැදුයි නුඹෙ රලු මටනං ඉතිං
වැටුනේ හිත,ගත නොවෙයි ඒකයි දැං
කදුලු බිංදු ආවෙ ගලා දෙනෙතින්
මා වට දැවටෙමින්
මා වට කැරකුනු
මා එලිය වින්ද
තරැ කැල අද කෝ
මා එදා වගේමයි
තවමත් ඒ වගේමයි
තවමත් එතනමයි
මම මමම තමයි හා...
මිනිසුන්ව ඉපිද අපි මේ ක්ෂීරපථයෙ
පහස වින්දගන්නෙ දැං නැතුව විනා
හිනාවෙන් ඉන්න නං
හදවත වෙන්න ඕනෙ ඇත්තෙන් ඇත්තෙන්
දෝංකාරය රත්වූ රත්වූ ලේවලට දැනෙන්නා
හීනෙක මාව පාවී ගියා ඒ
ආදර ගීත නෑ මාගේ ආයේ
රෑ වුණු දාට මා හීන පාවී ආ..//