මටත් තිබුණා සිහිනයක් | Matath Thibuna Sihinayak - Sahan Peiris

මටත් තිබුණා සිහිනයක් 

හිත හොරාගත් සිහිනයක්

නුඹ මටත් නොකියා නික්ම ගිය දින

මිය ඇදුණු පිණි සිහිනයක්



අමාවක රැය එකලු කරනට

නොමැත පුරහඳ නියතයක්

අමාවක මම නුඹයි පුරහඳ ඉතින් කොහිදැයි ගැලපුමක්

නුඹෙ හිතට රහසින් මටත් තිබුණා නම නොදන්නා සිහිනයක්


සිතුවමට මිස තෙලිතුඩට නැත

පෙම ලබන්නට අයිතියක්

මමයි තෙලිතුඩ

නුඹයි සිතුවම

ඉතින් කොහිදැයි ප්‍රේමයක්

නුඹෙ හිතට රහසින් මටත් තිබුණා නම නොදන්නා

සිහිනයක්



Previous Next

نموذج الاتصال